brand logo

රාජිත හෙළිකළ සුදු වෑන් රියැදුරන් ගැන CIDයට පැමිණිල්ලක්

12 November 2019

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ දී පෙරේදා (10 වැනිදා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (11 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවැසීය. ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන එම පුද්ගලයන් දෙදෙනාව රාජිත සේනාරත්න විසින් වෙස් ගන්වාගෙන එම මාධ්‍ය හමුවට කැඳවාගෙන පැමිණි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මාධ්‍ය හමුවේදී ඔවුන් කළ සෑම ප්‍රකාශයක්ම එකිනෙකට පරස්පර බවත් රාජිත සේනාරත්න විසින් ඔවුන් දෙදෙනාට මුදල් ගෙවා එවැන්නක් සිදුකර ඇති බවත් ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..