brand logo

රාජිත මංගලට බණින්නේ ‘වෙන’ හේතුවකට

27 June 2019

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, මුදල් ඇමති මංගල සමරවීර විවේචනය කරමින් ‘මාධ්‍යයට කතා කිරීම’ ද පසුගිය සතියේ දැකගතහැකි වූ තවත් වැදගත් සිදුවීමක් විය. රාජිත කියන්නේ, ‘චීනයෙන් සිගරැට් ගෙන්වන්න හදන ආණ්ඩුවක තවදුරටත් තමන් නොසිටින බව’ ය. එහෙත් මුදල් අමාත්‍යංශයේ ‘ආරංචි මාර්ග’ වලින් හෙළිදරව් වන අකාරයට රාජිත මංගලව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට පටන්ගෙන ඇත්තේ පසුගිය අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ‘ඉල්ලූ තරම් මුදල්’ නොලැබුණු නිසා ය. මේ අතර සිංගප්පූරු රෝහලකදී කෙරුණු ‘හෘද සැත්කමින්’ පසුව දැනට විවේක සුවයෙන් පසුවන ‘ගෝඨාභය රාජපක්ෂ’ 70 වැනි උපන්දිනය සැමරුවේ ය. ඒ ඔහු විසින් ‘කුලියට ගෙන තිබෙන’ මහල් නිවාසයේදී ය. මෙම උපන්දින උත්සවයට බිරිඳ ත්, ලේලිය සමඟ පුත්‍රයාත් සහභාගී වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු ද ඊට සහභාගී වීම සඳහාම සිංගප්පූරුවට ගොස් තිබිණි. කෙසේවෙතත් තව සති දෙකකින් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ ‘එළිය’ වැඩසටහනේ සම්මන්ත්‍රණ කිහිපයකට සහභාගී වීමට ද ‘සැලසුම් කර’ ඇත.
 

More News..