brand logo

රාජිත තවත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරයි

23 December 2019

පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිදුවීම සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (23) තෙවන වරටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළිත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර තිබේ. රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පළමුවන අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉකුත් සිකුරාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව එදිනම (පසුගිය 20 වැනිදා) රාජිත සේනාරත්න මහතා විසින් දෙවන අපේක්ෂිත ඇප අයදුම්පත ගොනු කළේය. මෙම සිද්ධියට අදාළව තවත් නව ලේඛනයක් ද ඇතුළත් කොට රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (23) තුන්වන වරට අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා අධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කළේය. අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ සලකා බැලීමට නියමිතයි.
 

More News..