brand logo

රාජිත අත්අඩංගුවට ගැනීමට නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි

24 December 2019

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ. රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වරෙන්තුව නිකුත් කර තිබේ. රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන්න දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් දෙදෙනෙකු යොදවාගෙන හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. මේ තුළින් ඔහු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන මෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බී. නෙළුම්දෙණිය මහතා අදාළ වරෙන්තුව නිකුත් කළේය.
 

More News..