brand logo

රාජිතට අලුත් නම්බු නාමයක්

27 August 2019

ඉකුත් අඟහරුවාදා, ඇමති රාජිත සේනාරත්නට ‘අලුත් නම්බු නාමයක්’ පටබැඳුණේ ය. ඒ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන ශ්‍රීලාල් මුණසිංහ මහතාගේ නිවසේ දී ය. එදින ශ්‍රීලාල්ගේ නිවසේ දානමය පිංකමක් පැවති අතර, රාජිත ද සිය බිරිඳ සමඟ ඊට සහභාගී වී සිටියේ ය. පිංකමට වැඩමවා වදාළ යටිදොලවත්තේ චන්ද්‍රසිරි හිමියන් එහිදී කතා කළේ ශ්‍රීලාල් ගැන නොව, රාජිත ගැන ය. මුලින් ම රාජිතගේ ‘පවුල් පට්ටන්දරය’ ගෞරවයෙන් සිහිපත් කළ චන්ද්‍රසිරි හිමියන් ඉන් අනතුරුව මෙසේ ද පැවසුවේ ය. ‘‘රාජිත කියන්නෙ මඩ දහජරාව පිරුණු, ගෙම්බො ඉන්න, බෝතල් කටු තියෙන ජලාශයකින් උඩට මතු වූ නෙළුමක් වැනි මහත්මයෙක්... ඇත්තටම එතුමා තමයි පස්දුන් කෝරලෙන් බිහි වූ නෙළුම...’’ චම්පික රණවක සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ‘ඩච් හොස්පිටල් එකේ’ දී හමුවීම ද පසුගිය සතියේ ‘පුවත් මැවූ’ සිදුවීමක් විය. ආන්දෝලනයට තුඩුදුන් මෙම හමුව සිදුවූයේ ‘චම්පික විසින් ගන්නා ලද වන සතුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය’ අතරතුරදී ය. ප්‍රදර්ශනය නැරඹීමට කථානායක කරු ජයසූරිය ඇතුළු බොහෝ මැති ඇමතිවරුන් මෙන් ම තානාපතිවරුන් ද පැමිණි නමුත්, චම්පික ඒ අය සමඟ පෙනී සිටි ඡායාරූප ‘සජිත් සමඟ එකට සිට ගත් ඡායාරූප’ තරම් ‘හිට්’ වූයේ නැත. එහෙත් ‘සජිත්-චම්පික එකටගත්’ ඡායාරූප කිහිපයක් ම ‘හිට්’ විය. ඒ අතරින් වඩාත් ‘හිට් වූයේ’ චම්පික විසින් සජිත්ව ඡායාරූපයට නැඟීමත්, සජිත් විසින් චම්පිකව ඡායාරූපයට නැඟීමත් ය. මෙම ඡායාරූප දෙක ගැනීමට අදාළ පසුබිම සැකසෙන්නේ, සජිත් ඉන් පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේ දී ය. ඒ වන විටත් එහි සිටි මාධ්‍යවේදීන් චම්පික සහ සජිත් මුහුණට මුහුණ බලාගෙන කතාකරන ඡායාරූපයක් ගෙන තිබුණු අතර දෙදෙනා එළියට බහින විට ද ඡායාරූප ගැනීමට පටන්ගත්තේ ය. එවිට එක් මාධ්‍යවේදියෙකුගෙන් කැමරාව ඉල්ලාගත් සජිත් ‘චම්පික ඇමතිතුමාගෙ පිංතූරෙ මං අරං දෙන්නං...’ යි කීවේ ය. ‘‘කෝ කෝ ඇඟිලි දෙකෙන් විනිං සිග්නල් එක දෙන්න...’’ සජිත් කීවේ ය. එවිට චම්පික අත්ල සජිත් දෙසට හරවා මැදැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් ‘වී අකුර’ පෙන්නුම් කළේ ය. එවිට හයියෙන් සිනාසුණු සජිත්, ‘‘අයියෝ චම්පික ඔය අතට නෙවෙයි, අත්ල තමන් පැත්තට හරවගන්න...’’ යි කීවේ ය. එවිට අසල සිටි ඡායාරූප ශිල්පීන් ද සිනාසෙන්නට පටන්ගත් අතර චම්පික අත්ල තමන්ගේ පැත්තට හරවාගත්තේ ය. ඉන්පසුව චම්පිකට ද සජිත්ගේ පිංතූරයක් ගැනීමට අවැසි වූ අතර ඒ අනුව චම්පික සජිත්ගේ පිංතූරය ගත්තේ ය. කෙසේවෙතත්, මෙම හමුව ‘කලින් සතියේ සැලසුම් කළ හමුවීමක්’ බව එහි සිටි බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. මේ දෙදෙනා මෙම හමුවට සතියකට කලින් ‘යාල කැලේ දී’ හමු වී තිබුණු අතර එය ද ඇතැම් විට ‘සැලසුම් කළ හමුවීමක්’ වන්නට ඇත. කෙසේවෙතත් දෙදෙනාගෙන් ම පළ වූයේ ‘අහම්බෙන්’ හමුවූ බවකි. දෙදෙනා ම ‘වන සතුන්ගේ ඡායාරූප ගැනීම’ විනෝදාංශයක් ලෙස කරන අතර නිතර නිතර ‘යාල යන්නේ’ ද ඒ නිසා ය. දෙදෙනා යාල කැලේ මැද්දෑවේ දී ටික වේලාවක් ‘සතරකන් මන්ත්‍රණයක’ නිරතව සිටි
 

More News..