brand logo

රාජ්‍ය සේවකයින් 300කට වැඩිය රටෙන් පිටවෙලා

21 September 2022

විදෙස් රැකියා සදහා රාජ්‍ය සේවකයන්ගේ වැඩි උනන්දුවක්

රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම අමාත්‍යංශය පැවසුවේ, එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවට අනුයුක්ත පිරිස් එලෙස විදේශගතව ඇති බවය. මීට අමතරව රාජ්‍ය අනුබද්ධ ව්‍යවස්ථාපිත මණ්ඩලවල පිරිසක් ද විදේශ රැකියා සඳහා යොමුව තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව විදේශ රැකියා සඳහා යොමුවන පිරිසකට වසර 5 ක වැටුප් රහිත නිවාඩු ලබා දෙන බවයි.
 

More News..