brand logo

රාජ්‍ය විය­දම් සම්පූ­ර්ණ­යෙන්ම අඩු කිරීම හේතුවෙන් රජයට රු.කෝටි 2000කට ආසන්න මුද­ලක් ඉතිරියි

29 December 2019

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරිදි අති­රේක රාජ්‍ය විය­දම් සම්පූ­ර්ණ­යෙන්ම අඩු කිරීම හේතුවෙන් පසු­ගිය මාසය තුළ රජ­යට රුපි­යල් කෝටි 2000කට ආසන්න මුද­ලක් ඉතිරි කරගැනී­මට හැකි වී ඇති බව ජනා­ධි­පති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ආර­ක්ෂක සේවය, ප්‍රවා­හන අංශය, කාර්ය මණ්ඩ­ලය අවම කිරීම සහ අමාත්‍ය මණ්ඩ­ලය අවම කිරීම මෙන්ම රජයේ ආය­ත­න­වල නිල තන­තුරු අවම කිරී­ම මෙසේ මුදල් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මැති ඇමතිවරුන් සඳහා කිසිදු වාහ­න­යක් අලු­තින් මිල දී ගැනීමට හැකියාවක් නොමති වීම න නිසාද මෙසේ සැල­කිය යුතු මුද­ලක් ඉතිරි කරගන්නට හැකි­යාව ලැබී ඇත.
 

More News..