brand logo

රාජ්‍ය මාධ්‍යයන්ට එන ජනපති නියෝජිතයන් නිසා ආණ්ඩුව කැලඹේ

30 December 2018

රාජ්‍ය මාධ්‍යයන්ට එන ජනපති නියෝජිතයන් නිසා ආණ්ඩුව කැලඹේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කිරීමට නිියමිත ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නිසා ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. මංගල සමරවීර අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සඳහා ප්‍රධානීන් පත්කර ගැනීමට ගැටලුවක් නොමැති බවත් තමාගේ නියෝජිතයකු එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ යුතු බවත් ජනාධිපතිවරයා දන්වා තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂවරයකු ලෙස සාරංග විජේරත්නත්, ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස නීතිඥ රසාංග හරිස්චන්ද්‍රත් ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස සම්පත් දේශප්‍රියත් පත් කරන ලෙසට නිර්දේශ කර තිබේ. ජාතික රූපවාහිනියේ සභාපති ලෙස ඉනෝකා සත්‍යාංගනීත්, ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස තිලකා ජයසුන්දරත් ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ක්‍රිෂාන්ත කුරේත් පත්කිරීමට මංගල සමරවීර ඇමැතිවරයා සැලසුම් කර ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා පත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති තත්ත්වයක් මත ඇමැතිවරයාගේ නියෝජිතයින් ලෙස සභාපතිවරුන් එම ආයතනවල වැඩ ආරම්භ කර ඇත. සුගන්ධි බස්නායක
 

More News..