brand logo

රාජ්‍ය බුද්ධි සේවාවට නව පනතක්

03 August 2021

බුද්ධි මෙහෙයුම් කරන්න අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නෑ

පොලිස් ආඥාපනත යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය බුද්ධි සේවාව සඳහා නව පනතක් හඳුන්වා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව බලාත්මක කිරීම මෙහි අරමුණ වෙයි.

රාජ්‍ය බුද්ධි සේවාව බුද්ධි ක්‍රියාකාරකම් සිදු කළද එම මෙහෙයුම් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බව අමාත්‍යාංශය හඳුනාගෙන ඇත. එම නිසා රාජ්‍ය බුද්ධි සේවා පනතක් හඳුන්වා දීම ප්‍රමුඛ අරමුණ වී තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ කාර්යභාරය, අරමුණ, බඳවා ගැනීම හා පාලනය, තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය, බුද්ධි නිලධාරීන් දිරි ගැන්වීම් ක්‍රියා පටිපාටිය, ප්‍රතිපාදන, රාජ්‍ය බුද්ධි සේවා පනත නියාමනය සඳහා වූ අධීක්ෂණ කමිටුවක් පිහිටුවීම, තොරතුරුවල රහස්‍ය භාවය යන කරුණු ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කිරීමටද නියමිතය. උදයජීව ඒකනායක
 

More News..