brand logo

රාජ්‍ය බැංකුවක් තුළ සිදුවූ සොරකමක් CCTV ඇසට හසුවෙයි

06 December 2018

පසුගිය දිනෙක රාජ්‍ය බැංකුවක් තුළ නවීන පන්නයේ මෝටර් රථයක යතුරක් පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරයේ වීඩියෝවක් නිකුත් වී තිබෙනවා. තම පුද්ගලික අවශ්‍යතාවයක් සදහා මහනුවර පිහිටි රාජ්‍ය බැංකුවක් සදහා ගිය පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් රථයේ යතුර අමතකවී එහි දමා එම බැංකුව තුළ වෙනත් ස්ථානයක ගොස් තිබෙනවා. ඒ අතරවාරයේ බැංකුවට පැමිණෙන පුද්ගලයෙකු එම යතුර සොරකම් කරගෙන යන ආකාරය බැංකුවේ සවිකර ඇති CCTV ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා. මෙම සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබදව කිසිවක් නොදන්නා මෝටර් රථයේ යතුරෙහි හිමිකරු යතුරු සොයාගෙන අදාළ ස්ථානයට එන විට එය දක්නට ලැබී නැහැ. අවසානයේ මහනුවර පොලීසියේ පැමිණිල්ලක් ද දමා මේ වන තුරුත් තම මෝටර් රථයේ යතුර නොමැතිව ඔහු එය සොයමින් සිටිනවා. මේ වන විටත් අදාළ මෝටර් රථය නිවසට රැගෙන යාමට නොහැකිව එම මෝටර් රථයේ හිමිකරුවා දැඩි ගැටළුවක මුහුණ දී තිබෙනවා. මෙම CCTV දර්ශනයේ යතුර සොරකම් කරන පුද්ගලයා හෝ ඔහු සම්බන්ධයෙන් යමක් දන්නේ නම් මෙම දුරකථන අංක වලට කතාකරන ලෙස මෝටර් රථයේ හිමිකරු ඉල්ලා සිටිනවා. 0755640136 0812054344 0750981567 https://youtu.be/GSbtpn9Aac0
 

More News..