brand logo

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

18 June 2021

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. [caption id="attachment_152260" align="aligncenter" width="573"] අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ[/caption] අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව මිහින්තලා වටරවුම් මාර්ගය පිළිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ඉල්ලා සිටියහ. එම ඉල්ලීම ඉතා කඩිනමින් ඉටු කර දෙන ලෙස මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේ දී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා ලැබී නැතැයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය. මේ සම්බන්ධයෙන් සොයා බලා පවතින දෝෂ නිවැරදි කර සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන ලෙස ද අදාළ නිලධාරීන්ට අග්‍රාමාතවරයා උපදෙස් දුන්නේය.  
 

More News..