brand logo

රාජ්‍ය පරිපාලන සේවා විභාගය අවලංගුයි?

20 September 2018

පසුගියදා පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙන් පසුව පිළිතුරුපත් පරීක්ෂා කොට 59 දෙනෙකු තෝරාගෙන තිබියදී ආණ්ඩුව එම විභාගය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට පියවර ගනිමින් තිබෙන බව වාර්තා වෙයි. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ ඉහත 59දෙනාගේ පෞද්ගලික ලිපිගොනුද අමාත්‍යාංශයට කැඳවා ඇති තත්වයක් තුළ විභාගය අවලංගු කිරීමට උත්සාහ කිරීමයි. මෙම විභාගය සඳහා 5,000ක පමණ අයදුම් කරුවන් පිරිසක් පෙනී සිට ඇති අතර ඉන් 59දෙනකු විභාගය සමත්වී තිබේ. එම 59 දෙනාගෙන් 46 දෙනෙකු තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබී ඇතත් මේ දක්වා එය පවත්වා නොමැත. තොරතුරු අනාවරණය වන පරිදි රංජිත් මන්දුම බණ්ඩාර අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී රෂ්මි නැමැත්තාද මෙම විභාගයට පෙනී සිට ඇති අතර ඔහු ඉන් අසමත් වී තිබේ. මේ සම්බන්ධයෙන් පෙරේදා (18වැනිදා) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් රාජ්‍ය  පරිපාලන අමාත්‍ය වරයාගෙන් ප්‍රශ්න කරන ලදී
 

More News..