brand logo

රාජ්‍ය පරිපාලනයෙන් මන්ත්‍රී කාර්ය මණ්ඩලවලට කෙනෙහිලි

31 August 2019

රජයේ සේවකයන් සඳහා ආණ්ඩුව දුන් රුපියල් 2500ක වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මෙතෙක් දී නෙමැත. පසුගිය ජූලි 01 වැනිදා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 2500ක දීමනාවක් දීමට තීරණය කෙරුණේ පසුගිය අයවැයෙන් කළ යෝජනාවක් අනුවය. රජයේ සේවකයන් සියලු දෙනාට මෙම දීමනාව පසුගිය ජූලි 01 වෙනිදා සිට ලබාදී ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයට එය දී නැත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් අප කළ විමසුමකදී සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම දීමනාව දීමට අනුමත කර නොමැති බවයි. මේ සම්බන්ධව විමසීම් ගණනාවක් කර ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් අමාත්‍යාංශය දක්වා නැතැයිද අමාත්‍යාංශ ප්‍රකාශකයකු කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් 05 ඇතුළත් වේ. ඒ අනුව නිලධාරීන් 1225කට ආසන්න පිරිසකට මෙම දීමනාව මෙතෙක් ලැබී නොමැත. මීට පෙර රජයේ සේවකයන්ට දුන් සියලු දීමනා මෙම අයටද දී ඇතත් මෙතෙක් නව දීමනාව ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල නිලධාරීහු දැඩි කනස්සල්ල පළ කරති.
 

More News..