brand logo

රාජ්‍ය උත්සව මගින් අපේක්ෂකයන් පිම්බුවොත් දඬුවම් - පහර ගහන්නත් බැහැ

22 September 2019

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාවේ රාජ්‍ය දේපළ සහ රාජ්‍ය උත්සව භාවිත කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයේ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ කාලසීමාවේ රජයේ, පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැය කරමින් රාජ්‍ය උත්සව පැවැත්වීමෙන් අපේක්ෂකයන් ප්‍රවර්ධනයට ක්‍රියා කිරීම ද තහනම් වෙයි. මුල්ගල් තැබීම්, විවෘත කිරීමේ සහ ජනතා අයිතියට පැවැරීම යන උත්සවවලදී ජනාධිපතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට ක්‍රියා කරන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව ද කොමිෂන් සභාව සඳහන් කරයි. ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කරන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි. ඇතැම් ආයතන විසින් රැකියා ලබා දෙන බවට පැමිණිලි ලැබී ඇති බව ද කොමිෂන් සභාව සඳහන් කර සිටී. කොමිෂන් සභාවේ අනුමැතිය මත රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන්නේ නම් එම අවස්ථාව දේශපාලකයන්ගෙන් තොරව සිදු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද කොමිසම අවධාරණය කරයි. උදයජීව ඒකනායක
 

More News..