brand logo

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ උණුසුම්කාරී තත්ත්වයක්

29 April 2021

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වටකරමින් අද (29) පෙරවරුවේ විරෝධතාවයක නිරතව තිබේ. අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් එම සේවකයින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත. එම සේවකයින් පිරිස සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුළුවීමට කළ උත්සාහයත් සමග ඉංජිනේරු සංස්ථා මූලස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්විය. ඒ අනුව රත්නසිරි කළුපහන මහතාට පැය කිහිපයක්ම කාර්යාලයේ රැදී සිටීමට සිදුවිය. තත්ත්වය පාලනය කිරීම සදහා කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශ පැමිණීමෙන් අනතුරුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.
 

More News..