brand logo

රාජ්‍ය ඇමැති යාලේ යකා නටලා

24 September 2020

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත්පැන් සාද පවත්වා, සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථ ධාවනය කර ඇතැයි පරිසරවේදීහු පවසති. නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි පිරිස උපරිම දසදෙනකු වුවත්, රාජ්‍ය ඇමැතිවරයා සමග බස් රථයකින් පැමිණි හතළිහක කණ්ඩායමක් එම බංගලාවේ නතර වී සිටි බව පැවසේ. පසුගිය දිනක රාත්‍රි කාලයේ පැමිණි රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම, යාල ජාතික වනෝද්‍යානය තුළ දිවා කාලයේදී ජීප් රථ ධාවනයට ඉඩ ලබානොදෙන කාලයේදී පවා ජීප් රථවලින් එහා මෙහා ගොස් ඇති බවද අනාවරණය වේ. මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් ඉරිදාය. සිද්ධිය ගැන තමාට වාර්තා වී නැති බව මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..