brand logo

රාජ්‍ය ආයතන 80 කට ප්‍රධානින් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයාට

22 December 2019

රාජ්‍ය ආයතන 80 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇත. ඒ, රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසකම් සහිත පුද්ගලයින් පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ සයපුද්ගල කමිටුව විසින් වන අතර එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බව එහි සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය. ඒම තනතුරු සඳහා අයැදුම්පත් භාරගැනීම මේ වන විට අවසන් කර ඇති බවත් ලබන 31 වැනි දාට පෙර සියලු රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන්ගේ නම් ඇතුළත් නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා කමිටුවට උපදෙස් ලබා දී ඇත.
 

More News..