brand logo

රාජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට පහරදීමක්

15 January 2021

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට පහර දීමක් සිදුව ඇති බව වාර්තා වේ. සම්බන්ධීකරණ ලේකම්වරයා සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අතර බහින් බස්වීමක් දුරදිගයාමෙන් අදාල පහරදීම සිදුකර ඇති බව පැවසෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා තමන්ට පොලීසිය තුළදී පහර දුන් බවට රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් දේවප්‍රිය මහතා චෝදනා කරනවා. මෙහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර ඒ පිළිබඳව අලුත්ගම පොලීසියට පැමිණිළි කිරීමට යෑමේදී පහරදීම සිදුකර ඇති බව පැවසේ.
 

More News..