brand logo

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකෙරේ

19 January 2021

    මේවන විට ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා, රියදුරා, ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව අද (19) සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. නමුත් අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රිවරුන් ඇතුළු 22 ක් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත. මේ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ රියදුරා කොවිඩ් ආසාදිතයෙකු බවට අද තහවුරු වූ බව කෑගල්ල මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.
 

More News..