brand logo

රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපතිගෙන් වැඩ මල්ලක්

16 December 2019

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේදී සඳුදා තවත් විශේෂ උත්සවයක් පැවැත්වුණි. ඒ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම වෙනුවෙනි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලේකම්වරුන් අමතමින් ජනාධිපතිවරයා පැවැත්වූ කතාවේ ‘ඉතා වැදගත් අවධාරණයක්’ තිබිණි. ‘‘කඩිනම් රාජ්‍ය සේවයක් සැපයීමේ අරමුණින් පහුගිය රජයන් විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාමාර්ග ගත්තා... ඒත් ඒ කාර්යයන් කිසිවක් සහමුලින් අවසන් වුණේ නෑ... ඒ හින්දා තවදුරටත් අපට තියෙන්නෙ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක්... මොන වැඩේ කරගන්න ගියත් අනවශ්‍ය ප්‍රමාදයක්... මම ඔබෙන් ඉල්ලා හිටින්නෙ, බොහොම ඉක්මනින්, ඒ කියන්නෙ 2020 වර්ෂය අවසාන වන විට රාජ්‍ය සේවයේ හැම සේවාවක් ම ඩිජිටල්කරණයක කරන්න කියලා... කරුණාකර හැමදෙනෙක් ම ඒ ඉලක්කය අරගෙන වැඩ කරන්න...’’
 

More News..