brand logo

රාජසන්තක කළ ඉඩම්වලට කොටි මහවිරු පවුල් රිංගවති

13 July 2019

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව රාජසන්තක කෙරුණු කොටි සංවිධානයට අයත් ඉඩම්වල කොටින්ගේ ඥාති පවුල් පදිංචි කිරී‍ම් සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිව තිබේ. එල්.ටී.ටී.ඊ.යට පක්ෂග්‍රාහී කණ්ඩායම් මගින් මෙම කටයුතු සිදු කරන බව අනාවරණය වෙයි. පසුගිය කාල සීමාව තුළ කිළිනොච්චියේ පමණක් එල්.ටී.ටී.ඊ. මහා විරු පවුල් පහක් රාජසන්තක කළ ඉඩම්වල පදිංචි කර ඇතැයි විමර්ශනයකදී හෙළිවී ඇත. ඒ අතරේ කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ. කඳවුරක් පැවැති අක්කර පහක ඉඩමක්ද ඇති බවද අනාවරණය විය. මේ අනුව රාජසන්තක කළ දේපළ පිළිබඳ නැවත විමර්ශනයක් අරඹා ඒවා අත්පත් කරගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව උසාවියට කරුණු වාර්තා කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබාදී ඇතැයි එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය. සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්.ටී.ටී.ඊ.ය සතු රුපියල් කෝටි ගණනක් වටිනා වාහන, නැව් ඇතුළු දේපළ මෙන්ම මුදල්ද රාජසන්තක කර තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..