brand logo

රාජපක්ෂ යුගයට මඩ ගහන්න වෝහාරික වාර්තාව යොදා ගන්න එපා - බන්දුල ගුණවර්ධන

05 February 2020

රට ගොඩනැගීම සදහා විවිධ පාර්ශ්වයන්ට දණ නැමීමට සිදු නොවන බලවත් පාර්ලිමේන්තුවක් ඇති කර දීම සදහා ජනතාව පෙළ ගැසී සිටිනවා යයි ජනසන්නිවේදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසිය. මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ ශ්‍රී කල්‍යාණිසාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකුමට වාද්දුව තල්පිටිය බෝධි රාජ මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය වෙත එම අදහස් පල කළේය. අනුනාහිමියන් සමග සුහද කතා බහක නිරතව සිටි අමාත්‍යවරයා තමා විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් උන්වහන්සේට ප්‍රදානය කල අතර අනුනාහිමියන් ද ඔහුට සමරු තිළිණයක් ප්‍රදානය කළහ. එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසිය. එහිදී ඔහු මෙසේද පැවසිය. එක්සත් ජාතික පක්ෂය කියන කරුණු කාරණා දේවල සහ හැසිරෙන ආකාරය පිලිබඳව දැඩි ලෙස පිලිකුල් කරන තත්වයක් තමයි තියෙන්නේ. ජනතාවගේ අපේක්ෂාව රට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබෙන වැඩපිලිවෙල සදහා ව්‍යවස්ථාදායකය තුල වැඩි බලයක් ලබා දීම සදහා තුනෙන් දෙකක ජනවරමක් ලබාදේවි කියා විශ්වාස කරනවා. ජනතාව අලුත්ම සිතුවිලි සමුදායක ඉන්න බව පැහැදිලියි. කිසිදු බල කිරීමකින් තොරව වැඩිම ජාතික ධජ ප්‍රමාණයක් ලෙල දුන්නේ මේ වර්ෂයේදී යි. ගෝඨාභය රාජපක්ෂ මහතා ව0චාව , දූෂණය , නාස්තියෙන් තොරව රට ගොඩ ගනියි කියලා ජනතාවගේ, විශේෂයෙන්ම තරුණයන්ගේ අලුත් බලාපොරොත්තුව ක් තියෙනවා. වෝහාරික වාර්තාවේ කිසි තැනක ව0චා දූෂණ වුනා කියා සදහන් වන්නේ නැහැ.දේශපාලන මඩ ගැසීමක් කරන්නේ. එහෙම ව0චාවක් කොහොමද කොතනද තියෙන්නෙ කියල පෙන්වන්න කියා අභියෝග කරනවා.   ජීවන්ත හෙට්ටිආරච්චි
 

More News..