brand logo

රාජගිරිය-කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන්ට හා ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝනා නෑ

06 May 2020

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී තිබේ. සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස අද වන විට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය. කෙසේ වෙතත් අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 

More News..