brand logo

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

21 May 2021

වැලිගම නගරයේ සිදුවූ පහරදීම කින් අනතුරුව බසයකට යට වී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හරියේ යයි වැලිගම මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු අද (21) අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කර තිබේ. පහරදීම සිදුවූ අවස්ථාවේ මෙම කොස්තාපල්වරුන් දෙදෙනා එම ස්ථානයෙන් ගමන් කර තිබෙන බවද අනතුරුව අදාල පුද්ගලයා බිම වැටී සිටිය දී බසයට යට වී ඇතැයි ද තොරතුරු අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ ඥාතින් සඳහන් කරන්නේ සම්පූර්ණ සී.සී.ටී.වී.දර්ශන පොලීසියට රැගෙන ගොස් එහි මුල් කොටස මකාදමා තිබෙන බවය. ඒ පිළිබඳවද විශේෂ පොලිස් කණ්ඩායමේ අවධානය යොමු වී ඇත.
 

More News..