brand logo

රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඉඩ නෑ

04 August 2021

රෝහලේ ඇඳන් පිරිලා නිසා රෝගීන් බිම

කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රාගම රෝහලේ 26 සහ 30 යන වාට්ටු දෙක වෙන්කර ඇත. රාගම රෝහලේ කොවිඩ් වාට්ටු පිරීයයි මේ වනවිට එම වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකි අතර ඔක්සිජන් අවශ්‍යතාව ඇති රෝගීන් ද ඒ අතර සිටියි
 

More News..