රාගම රෝහලෙන් පලාගිය කොරෝනා රෝගියාගේ හඬපටය
07 October 2020
රාගම රෝහලෙන් පලාගිය කොරෝනා රෝගියාගේ හඬපටය
07 October 2020
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ්-19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබේ.
එම ආසාදිතයා ඊයේ (06) රාත්‍රීයේ රෝහලෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙලෙස රෝහලෙන් පලාගොස් තිබෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම ආසාදිතයා අද (07) උදෑසන පෑලියගොඩ පිහිටි ඔහුගේ නිවසේදී ආරක්ෂක අංශ විසින් ඔවුන් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර පවුල් ඥාතීන්ගේ නිවෙසක ද දින දෙකක් රැදී සිට තිබේ.
ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන්නේ පෑලියගොඩ පොලීසිය අසළ බවද කොවිඩ් ආසාදිතයාගේ ඥාතීන් පැවසීය.
කෙසේ වෙතත් මේ දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන්ට නිරෝධායනයට වන්නැයි කිසිදු උපදෙසක් ලබාදී නොමැති අතර, ඔවුන් මේ වන විටත් නිදැල්ලේ සිටියි.
හඩපය පහතින් වේ.....

