brand logo

රළු මුහුදෙන් මුතුපන්තිය සේදී යයි

16 May 2021

පවත්නා කාලගුණික තත්ත්වය හේතුවෙන් මුතුපන්තිය දුපත දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව විනාශවෙමින් තිබෙන බව එහි වෙසෙන ධීවරයන් සඳහන් කර ඇත. පවුල් 150 ක පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මුතුපන්තිය දුපතේ වාසයේ නිරත වෙයි. සුන්දරත්වයෙන් අනූන එම දුපත එක්පසකින් කලපුවත් අනෙක් පසින් මුහුදත් තවත් පසකින් ආනවිළුන්දාව රැම්සා අභය භුමියෙනුත් වටවී ඇත. මුහුද හා කලපුව තම රුකියාව කර ගත් දුපත් වාසින් සඳහන් කර සිටින්නේ වසර ගනනාවක සිට දරුණු මුහුදු ඛාදනයත් සමග දුපතට අයත් භුමිය මේ වන විට සිග්‍ර අඩුවිමක් වි ඇති බවය . මෙම ජනතාව බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ සුන්දරත්වයෙන් යුත් මුතුපන්නතිය දුපත මුහුදු ඛාදනයෙන් බේරා ගැනිමට කටයුතු කරන ලෙසයි.
 

More News..