brand logo

රහසිගතව කොවිඩ් ආසාදිත මෘත ශරීරයක් නිදහස් කරලා

25 December 2020

කොවිඩ් ආසදිතව මියගිය අයකුගේ මෘත ශරීරයක් හොර රහසේ නිදහස් කර හැරීමේ සිද්ධියක් අනාවරණය කර තිබේ. මේ බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සඳහන් කරනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ නිර්නාමික ලිපියක් මගින් අදාල තොරතුරු තමා වෙත ලැබී ඇති බවයි. එසේම එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවට විශ්වාසය පලකරනවා. "මේ ගැන පරීක්ෂණයක් කරලා මේ කොවිඩ් -19 වැළඳිච්ච දේහය නිදහස් කර ගැනීමට කටයුතු කරපු අධිකරණ වෛද්‍ය නිලධාරීයාට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් සූදානම්. මේ කොවිඩ් -19 වැළඳිච්ච කාන්තාවක් නිදහස් කරලා තියෙන්නෙ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින්. 2020 නොවැම්බර් මාසේ 29 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වෙනවා. ජාතික රෝහලේදී ඇයට කළ PCR පරීක්ෂණය පොසිටිව් වෙනවා. ඒ නිසා ඇයව IDH රෝහලට මාරු කරනවා. එහිදී දින කිහිපයකින් ඇයගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් කරලා ඒකෙනුත් ඇය පොසිටිව් වෙනවා. එහිදී කොවිඩ් වෛරසය ඇයගේ ශරීරයෙන් පහ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා කියනවා. ඊට පස්සේ දෙසැම්බර් 10 වැනිදා IDH රෝහලේ හිටපු මෙම කාන්තාව නැවත ජාතික රෝහල වෙත මාරුකරලා එවනවා. 11 වැනිදා ඇයව රෝහලෙන් නිවසට පිටත්කරලා හරිනවා," "දෙසැම්බර් 12 වැනිදා හවස 5.45ට පමණ ඇය, ඇයගේ නිවසේදී මරණයට පත්වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ ඇයගේ සිරුර තුළ කොවිඩ් -19 පොසිට්ව් කියන එක ඉතාම පැහැදිළිව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ සඳහන් වෙනවා. ඇයගේ දේහය තුළ කොවිඩ් -19 පොසිටිව්ව පැවතියත් අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ ඒ සම්බන්ධ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් එකතුවෙලා සිදුකරන සාකච්ඡාවකින් පසුව ඇයගේ දේහය නිදහස් කරලා යවන්න කටයුතු කරලා තියෙනවා. මේ දේහය භුමදානය කළේ නම් බරපතළ අනතුරක ඉන්නේ." වශයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සඳහන් කරනවා.
 

More News..