brand logo

රස පරීක්ෂක ඉදිරියේ රන්ජන් අද කට හඬ පරීක්ෂණයට

07 February 2020

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායකගේ කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අද (7) රැගෙන එන බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග පැවසීය. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරයා කටහඬ පරීක්ෂණයක් සඳහා මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.
මන්ත්‍රීවරයා කැඳවා කටහඬ සාම්පල ලබා ගන්නා බවද රජයේ රස පරීක්ෂකවරයා කීවේය. කටහඬ සාම්පල ලබා ගැනීම සඳහා පැය එක හමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
  සාලිය කුමාර ගුණසේකර
 

More News..