brand logo

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර බවට සැක කෙරෙන තේ කොළ කිලෝ 178ක් STF භාරයට

13 June 2019

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක කෙරෙන තේ කොළ කිලෝ 178ක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ බුලත්සිංහල ඉහළ වෙල්ගම පිහිටි කර්මාන්තශාලාවකින් මෙම තේ කොළ තොගය ආරක්ෂක අංශ භාරයට ගත් බවයි. එම තේ කොළවල සාම්පල තේ පරීක්ෂණ සදහා තේ මණ්ඩලය වෙත යොමු කර ඇත.
 

More News..