brand logo

රසායනික ද්‍රව්‍ය නැතිව පීසීආර් යන්ත්‍ර වැඩ නැහැ

11 May 2021

නුවරඑළිය රෝහලේ පීසීආර් යන්ත්‍රය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නොමැති වීමෙන් දින අටක් තිස්සේ පීසීආර් පරීක්ෂණ සිදු නොකළ බව මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු පවසා සිටියේය. නුවර සහ මාතලේ වුවද පීසීආර් පරික්ෂණ සිදුකිරීමට ඇති පහසුකම් අවම වීමෙන් පරීක්ෂණ නිසි පරිදි සිදු නොකරන බවද මේ වන විට පරීක්ෂා කළ යුතු සාම්පල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවද ඒ හේතුවෙන් වයිරසය ව්‍යාප්තව ඇති අන්දම පිළිබඳව නිසියාකාරව නිගමනය කළ නොහැකි බවද ඔහු කීය. මහනුවර දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්ති පාලනය කිරීම සඳහා වන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදී ඔහු මේ බව කීය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (10දා) පැවැති මෙම රැස්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් මද්දුම බණ්ඩාර , ගුණතිලක රාජපක්ෂ මහත්වරු ඇතුළු දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පැමිණ සිටියහ. කමල් සුරවීර- මහනුවර මනුර සුදත් සෙල්ලහේවා-හැටන්
 

More News..