brand logo

රවුෆ් හකීම් පාර්ලිමේන්තුවට රසවත් ඡායාරූප පෙන්වන්න සූදානම්

23 October 2019

සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ අමාත්‍ය රවුෆ් හකීම් හා සහරාන් හෂීම් එකට සිටින වීඩියෝව සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා.... ගරු නියෝජය කථානායකතුමනි ඉතාමත් සැලසුම්ව මට විරුද්ධව ගෙන යන මේ මඩ පචාරය පිළිබදව මම මගේ පැහැදිලි කිරීමක් කරන්ට ඔබතුමාගෙන් කාලය ඉල්ලලා තියෙනවා. එය ඉංග්‍රීසි බසින් කරන නිසා මෙතුමා මේ මතු කරපු ප්‍රශ්නය නිසා මේ අහම්බෙන් කොහොන් හරි අවුලගත්තු වීඩියෝ පටයක් නැත්නම් ෆොටෝග්‍රාෆ් එකක් තියාගෙන මටත් ත්‍රස්ථවාදීන්ට සම්බන්ධයක් තිබුණා කියන කතාව පිළිබදව මම කණගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම මම ඊට වඩා රසවත් ඡායාරූප කිහිපයක් අද මම පෙන්වන්නම් කොයිතරමේ අය ද ඔබතුමන්ලත් පත්කරගෙන ඉන්නේ කියලා. බැලුවට පස්සේ ම‌ගේ පැත්තට ඇගිල්ල දික් කරන්න.
 

More News..