brand logo

රවී කරුණානායක අත්අඩංගුවට ගන්න නියෝග

03 March 2020

2016 වසරේ මාර්තු මාසයේ පසුගිය යහපාලන රජය සමයේ සිදුවු ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බ්ධයෙන් චෝදනා එල්ල වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුලු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිඛේ. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර මහතා ඇතුලු කිහිප දෙනෙකු මෙලෙස අධිකරණ වරෙන්තු ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ. 2016 වසරේ මාර්තු මාසයේ පසුගිය යහපාලනය රජය සමයේ බැදුම්කර වෙන්දේසියේදී සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිඛේ.  
 

More News..