brand logo

රවී එකොළොස්වැනියට වැටිච්චි එක දුකයි - අඩුම තරමෙ පළමුවැනි පස් දෙනා අතරට යන්න තිබුණා

14 May 2019

යහපාලන කම්බා හොරුන් හෙළිදරව් කිරීම’ යන ශීර්ෂ පාඨයෙන් යුතු ‘මාධ්‍ය හමුව’ බ්‍රහස්පතින්දා විපක්ෂනායක කාර්යයාලයේදී පැවැත්වුණේ, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙශාන් සේමසිංහ, ඩී. වී. චානක, තේනුක විදානගමගේ, ආනන්ද අලුත්ගේ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි. මුලින් ම මෙම වැඩසටහන ‘ටොප් ටෙන්’ ලෙසින් නම් කර ‘යහපාලන හොරුන්’ 10 දෙනෙකු අනාවරණය කළ අතර පසුව එය ‘ටොප් ටුවෙන්ටි’ ලෙස වෙනස් කර ‘අනාවරණය කරන හොරුන් ගණන’ 20 දක්වා වැඩි කෙරිණි. පසුගිය බ්‍රහස්පතින්දා හෙළිදරව් කෙරුණේ ’11 වැනි හොරා’ ගැන ය. එනම් ‘රවී කරුණානායක’ගැන ය. ‘‘රවි කරුණානායකගේ බලාගාර ‍ගනුදෙනුව නිසා රුපියල් කෝටි 180ක පාඩුවක් රටට සිද්ධ වෙනවා... යෝජනා කරලා තිබුණු බලාගාර ටික නොහදා විදුලි අර්බුදයක් මැව්වේ මේ ගනුදෙනුවට පාර කපා ගන්නයි... මේක දෙවෙනි වෙන්නේ මහ බැංකු හොරකමට පමණයි...’’ මහින්දානන්ද කීවේ ය. ‘‘රවී ගිය තැන ඉවරයි... සතොසට ගියා සතොස කෑවා... මහ බැංකු හොරාගෙන් ගෙවල් ගත්තා... දුවට ගුදම් පිටින් නිකන් දුන්නා... රේගුවෙන් වාහන පැන්නුවා... කොච්චර චෝදනා තියෙනවද...? හැබැයි ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ...’’යැයි කීවේ ෂෙහාන් ය. ‘‘ආණ්ඩුව කොහේ පියවර ගන්නද...? මහ බැංකු හොරකමට ඇමැතිකමෙන් අයින් කරලා ටික දවසක් තිබ්බා... ආයෙත් විදුලි බල ඇමැතිකම දුන්නා... මං හිතන්නේ ඒක දෙන්න ඇත්තේ අයින් වෙලා හිටපු ටිකේ හොරකම් කරන්න නොලැබුණු නිසා වෙන්න ඇති...’’ ඩී. වී චානක කීවේය. මොවුන්ගේ කතාවට ඇහුම්කන් දෙමින් සිටි මාධ්‍යවේදියෙකු පැවසුවේ ‘‘මොනව වුණත් රවී එකොළොස්වැනියට වැටිච්චි එක දුකයි... අඩුම තරමෙ පළමුවැනි පස් දෙනා අතරට යන්න තිබුණා...’’යනුවෙනි.
 

More News..