brand logo

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි

28 January 2019

ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. අද අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි රවීන්ද්‍ර යසස් මහතා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදුව තිබෙන්නේ.
 

More News..