brand logo

රවීගේ වැඩිමහල් දියණිය CIDයට

25 June 2019

අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වැඩිමහල් දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහාය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වා තිබේ. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායක මහත්මියට ජුලි මස 7 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙසත්, අමාත්‍යවරයාගේ දියණිය වන ඔනෙලා කරුණානායක මෙනවියට අද (25) දිනයේදි ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අධිකරණය විසින් පසුගිය 20 වැනිදා නියෝග කර තිබුණි.
 

More News..