brand logo

රවිට එරෙහිව යළි විශ්වාසභංගයක්

03 August 2019

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායකට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත. විදුලිය මිලට ගැනීම්, අමාත්‍යාංශ ගොඩනැගිල්ල සිය හිතවතකුට අයත් ස්ථානයකට මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඊට මුල් වී ඇත. කරුණානායක ඇමැතිවරයාට විරුද්ධව මෙම විශ්වාසභංග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේදී කථානායකවරයාට භාර දීමට කටයුතු කරන බව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘ඉරිදා අරුණ’ට ප්‍රකාශ කළේය. රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙන බව කී ඉහත මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනකුද මේ සඳහා නිහඬව සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි කීවේය. අදාළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ඉදිරි සතියේ සිදු කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. රවි කරුණානායකට එරෙහිව 2016 ජුනි මාසයේදී ද විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේය. එම විශ්වාසභංග යෝජනාව පරාජය විය. අජිත් අලහකෝන්
 

More News..