brand logo

රවිගේ බෙදාගැනීම ජයටම

26 July 2019

යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ පරදින එජාප ආණ්ඩුවේ ඇමති කම් දරණ රවි කරුණානායක ඇමතිවරයා ජනතවගේ දේපල,මුදල් අයිතින් සියල්ලම තමාගේ දේපල ලෙස භාවිතා කරමින්,තම හිතවතුන් තම අමාත්‍යංශයට යොමු කරමින් ජනතා දේපල කොල්ල කන්නට කටයුතු කරන බව, දුෂණ විදු නෙතින් සංවිධානයේ සභාපති චාරුක කරුණාරත්න මහතා පවසයි. මේ යටතේ, රවි කරුණානායක මහතාගේ පෞද්ගලික ලේකම් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පත්කිරීමට එරෙහිව පෙත්සමක් හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වෙත බාරදුන්නා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ පස්වන පුරප්පාඩුව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුනානායකගේ පෞද්ගලික නීතීඥ සඳුන් ගමගේ මහතා පත්කර තියනවා. හදිසි විදුලිය මිලදී ගැනීමට සහ විදුලි ගාස්තු වැඩි කිරීම යන අමාත්‍යවරයාගේ අවශ්‍යතා ඔහුගේ පුද්ගලික නීතිඥයාගේ අවශ්‍යතා හා සමාන වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 5(2)(උ) වගන්තියට අනුව එවැනි පුද්ගලයින් කොමිෂන් සභා සාමාජිකයන් ලෙස පත් කිරීමට නොහැකියි දුෂණ විදු නෙතින් සභාපති චාරුක කරුණාරත්න මහතා කියයි. ඇමතිවරයා,ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියාමන බලතල ඔහු වෙත පවරා ගන්න කටයුතු කරමින් සිටිනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන නියාමන කටයුතු සහ උපයෝගිතා ව්‍යාපාරයට බාධා නොකළ යුතු යි. ස්වාධිනව තිබිය යුතුව තබෙනවා. රවි ඇමති වරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හි බලතල පමණක් නොව, ලංවිම සතු බලතල ද පවරා ගන්න. සම්ප්‍රේෂණ සැලසුම් කිරීම සහ උත්පාදනය සැලසුම් කිරීම ලංවිම ඉංජිනේරුවන්ගේ රාජකාරියක්. නමුත් දැන් ඇමතිවරයා විසින් සම්ප්‍රේෂණ සහ උත්පාදන සැලසුම් සකස් කරයි. ඇමතිවරයා විසින් මෑතකදී ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවේ මෙම මෙවැනි බලතල පවරාගැනීමේ සැලසුම් දකින්නට තියනවා. ලංවිම ඉංජිනේරු සංගමය ඊට එරෙහිව හඬක් නොනැගීම ගැන අපිට පුදුමයි. එය බරපතල ප්‍රශ්න මතු කරන කාරණාවක් වෙනවා. ගමගේ මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගිය සතියේ අනුමත කරන ලදී. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩු විභාගයේදී ගමගේ මහතා කිහිප වතාවක්ම රවි කරුණානනායක මහතා වෙනුවෙන් පෙනී සිටි අයෙක් බවද දූෂන විදු නෙතින් සංවිධානයේ සභාපති චාරුක කරුණාරත්න මහතා පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..