brand logo

රවට්ටන්න එපා - රැවටෙන්නේ ඔබමයි

05 November 2020

ලොව පළමු කොවිඩ් රෝගියා හමුවී වසරක් ගතවන මෙම මස 27 වැනි දිනට මෙතෙක් කිසිදු ඖෂධයක් හෝ එන්නතක් සොයගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. නමුත් ලොව අනෙකුත් රටවල් කොවිඩ් සමග ඉදිරියට ගමන් කරන බව ඔහු පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා...... විදෙස් රටවල ජනතාව කොවිඩ් සමග සටන් කරන්නේ මැජික් එකකින් නෙමෙයි. තමන්ට වෛරසය ආසාදනය නොවී තියෙන්න නම් සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න. ඔබට දිනපතා පෙන්න වූ නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න. ගෙදර යනකොට කොවිඩ් අරන් යන්න එපා. කොවිඩ් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්.
 

More News..