brand logo

රයිනෝ රූෆින් අනුග්‍රහයෙන් ජාඇල-සුදුවැල්ල ජනතාවට වියළි ආහාර

19 May 2020

තිරසාරත්ව සංවර්ධනය සඳහා දක්වන අනුග්‍රහය පෙරදැරිව රයිනෝ රූෆින් සමාගම මගින් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මේ අවස්ථාවේ ඉතාමත් අසීරු තත්ත්වයට පත්ව ඇති ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පවුල් 270කට ආසන්න ජනතාව වෙනුවෙන් වියළි ආහාර පාර්සල් ලබාදීම එම ග්‍රාමයේ කතෝලික දේවස්ථානය හරහා සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබිණි. සමාජ දුරස්ථකරණ නීති ක්‍රියාත්මක වන මේ කාලය තුළ මෙම භාණ්ඩ බෙදාදීමට සුදුවැල්ල ‘‘ආවේ මරියා’’ දේවස්ථානයේ ගරු ලින්ටන් ජෝසප් පියතුමා, ජාඇල පොලිසිය, PHI කාර්යාලයේ මෙන්ම ජාඇල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ නොමද සහාය ලැබී තිබිණි. මෙම අවස්ථාවට රයිනෝ රූෆින් සමාගමේ අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන මූල්‍යනිලධාරි ඉන්දික රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරී මහතුන් මෙන්ම සේවක මණ්ඩලය සහභාගි වූහ.
 

More News..