brand logo

රඹුක්කන-කෑගල්ල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ

18 February 2020

රඹුක්කන - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දුම්රිය හරස් ගේට්ටුව අසල මාර්ගය අද සවස සිට තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි. දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙය සිදු කරන බව පවසයි. අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වාත් නැවතත් නිද්දා පස්වරු 6 සිට පසු දින උදෑසන 6 දක්වාත් මාර්ගය වසා දමයි. අදාළ කාල සීමාවන් තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.
 

More News..