brand logo

රනිල් සජිත්‌‌ගෙන් ඈත්වෙයි

03 January 2020

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අසුනට යාබදව අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට වෙනත් අසුනක් ලබා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ අසුනට මඳක් ඈතින් ඉදිරි පෙළෙහිම අසුනක් ඔහුට වෙන් කර තිබේ. සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයාගේ අසුන මුලසුනේ සිට බලන විට විපක්ෂයේ අට වැනි ආසනය​ වේ. එය සජිත් ප්‍රේමදාසට වෙන් කර ඇත. ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහට හිමිවන්නේ හත් වැනි අසුනය. එහෙත් හත් වැනි අසුන ප්‍රතික්ෂේප කර ඇති රනිල් වික්‍රමසිංහ තමන්ට නව වැනි ආසනය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව ඔහුට නව වැනි අසුන ලබා දී ඇත. විපක්ෂනායක අසුන සහ නව වැනි අසුන අතර මන්ත්‍රීවරුන්ට ගමන් කිරීම සඳහා තීරුවක් වෙන් වී තිබේ. රනිල් වික්‍රමසිංහට වෙන් කර ඇති මෙම අසුනට යාබදව දස වැනි ආසනයේ සිටින්නේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාය. අජිත් අලහකෝන්
 

More News..