brand logo

රනිල් සජිත්ගේ රැලි 40කට

20 October 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජන රැලි 40කට පමණක් සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද මෙම ජන රැලි 40ට සහභාගි වීමට නියමිතය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු​ණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගි වන ජන රැලි සංඛ්‍යාව 151කි. එම රැලිවලට මෙතෙක් සහභාගි නොවූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද අග්‍රාමාත්‍යවරයා සහභාගි වන ජන රැලිවලට එක්වීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මෙතෙක් පැවැත්වූ ජන රැලිවලට චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක පමණක් සහභාගි වී තිබේ. අග්‍රාමාත්‍යවරයා සහභාගි වන ජන රැලි එක්සත් ජාතික පෙරමුණේ ජන රැලි ලෙස හැඳින්වීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ පළමු ජන රැලිය ලග්ගල නගරයේදී ඊයේ (19වැනිදා) පෙරවරුවේ පැවැත්විණි. උදයජීව ඒකනායක
 

More News..