brand logo

රනිල් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

03 December 2019

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුහ. ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූහ. අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ ද සාකච්ඡාවක නිරත වූහ. මෙම සාකච්ඡාව මාධ්‍යට විවෘත නොවුණු අතර සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහතා තමන්ගේ අග්‍රාමාත්‍යධුරය හෙබවූ සමයේ මහනාහිමිපාණන් වහන්සේ ලබාදුන් දායකත්වයට කෘතවේදීත්වය පළ කිරීම සඳහා පැමිණි බව මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ගැටලුව මෙන්ම මහා සංඝ රත්නයේ අනුශාසනා මත පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව මහා නායක හිමිවරු සමඟ සාකච්ඡා වුණු බවත් පක්ෂයේ ප්‍රධාන තනතුරු පිළිබද වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ සිදුවන බවද මෙහිදී සාකච්ඡා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..