brand logo

රනිල් ඊයේ රෑ හදිසියේ කරු හමුවේ

20 January 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) රාත්‍රියේ කතා නායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ ඇති වී ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන්සාකච්ඡා වී තිබේ. මේ අතර පසුගිය සෙනසුරාදා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද කරු ජයසූරිය මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා යළිත් කිසිදු විටෙක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් නැති බව ද පවසා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් කතානායක කරු ජයසූරිය මහතා රනිල් සජිත් පාර්ශ්වයන් දෙකම එක මතයකට ගෙන ඒමේ මැදිහත් කරුවශයෙන් මේ අවස්තාවේදී කටයුතු කරමින් සිටී. එක්සත්ජාතික පක්ෂ නායකත්වය තීරණය කිරීම සඳහා පසුගිය 16 වනදා පැවති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වූ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබේ.
 

More News..