brand logo

රනිල්ද - සජිත්ද 3 වැනිදාට පෙර තීරණය කියන්න කථානායක, අකිලට ලියයි

29 November 2019

විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද නැත්නම් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැයි පක්ෂය විසින් තීරණය කර ලබන 03 වැනිදාට පෙර (අඟහරුවාදා) තමන්ට දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ඊයේ (28 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය. විපක්ෂ නායකවරයා නිල වශයෙන් බලාත්මක වන්නේ ඒ බව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී තමන් විසින් ප්‍රකාශයට පත්කළ පසුව බව කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇත. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කරන ලෙසට මන්ත්‍රීවරුන් 57 කගේ අත්සන් සහිතව තමන් වෙත භාරදුන් ලිපිය මහ ලේකම් අකිල විරාජ්ගේ අවධානයට යොමුකරමින් කතානායකවරයා මේ බව දන්වා යවා ඇත. විපක්ෂ නායක ධූරය සජිත ප්‍රේමදාසට ලබා දෙන ලෙස එජාප මන්ත්‍රීවරුන් පනස් හත් දෙනකු විසින් පෙරේදා (27 වැනිදා) තමන් වෙත ලිපියක් භාර දුන් බව පවසන කතානායකවරයා මේ වන විට විපක්ෂ නායකධුරය පිළිබඳ එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇතැයිද ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සාකච්ඡා කර තීරණය තමන්ට දැනුම් දෙන ලෙසට කථානායකවරයා පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් දුන් බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අජිත් අලහකෝන්
 

More News..