brand logo

සිරිකොත සිටියොත් තෝ නසී අරලිය ගහ මන්දිරයට ගියොත් අඹු නසි

06 August 2019

ලංකාවේම දැවැන්තම පක්ෂය කියා ගන්නා එජාප ඉරි තලා විනාශ වී අවසන්. රනිල් වික්‍රමසිංහට මට කියන්න තියෙන්නේ සිරිකොත සිටියොත් තෝ නසී අරලිය ගහ මන්දිරයට ගියොත් අඹු නසි කියලා තමයි කියන්න තියෙන්නේ යැයි,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි. 05 දින සවස ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවේදි ඒ මහතා මෙසේ ද කීය. රනිල්ගේ භූමිකාව වෙනස් වෙලා පැත්තකට රනිල් විසි වෙලා. රනිල් දැන් අසරණ වෙලා. රනිල්ගේ තැන දැන් සජිත් අරගෙන තියනවා. අපෙන් නොවෙයි සජිත්ට පරිස්සම් වෙන්න තියෙන්නේ රවි,අකිල වාගේ අයගෙන් කියා මා කියන්න කැමැතියි. සජිත්ට එජාප 2020 ජනාධිපති අපේක්ෂක කම දුන්නේ නැති නම් අපි කියන්න කැමැතියි අපේ පැත්තට ඇවිත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක එක්ව කටයුතු කරන්ට සුදානම් වෙන්න යැයි මම සජිත්ට ආරාධනා කරනවා.එයට, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ද අකමැති වන්නේ නෑ. පොහොට්ටුව දැන් ගෙයින් ගෙට යනවා වී කැන් කිය කියා යන මේ අයට අන්තිමට වී කාන්ට් වෙනවා.හැම ගෙදරකම තොරතුරු ඇප් එක් හරහා ලබා ගත්තාම ජාතික ආරක්ෂාවට මේය බරපතල ප්‍රශ්ණයක් වෙනවා.මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන අවස්ථාවක වුවත් මේ ඇප් එක හරහා තහනම් වු කාලයක දේශපාලන කටයුතු සිදුකරන්න හැකියි. මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා මම මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා සිටින්වා.මුහුණු පොත තහනම් කරා වාගේ වී කැන්ද තහනම් කරන්න සිදුවිය හැකියි. මේ වීකැන් එක මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් භයානකයි කියා කියන්න කැමැතියි යැයි,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම වැඩිදුරටත් පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..