brand logo

රනිල්ට අලියා එපාවෙයි

23 July 2019

අප ඉදිරියේ දී එජාප පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.අපි අලුත් සංවිධානයක් ඇති කරගන්නවා. එය ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ලෙසයි අපි නම් කර තියෙන්නේ.එයට දැවැන්ත පක්ෂ ගණනාවක්, සංවිධාන පුදගලයන් හා සියලුම දෙනා එක්කර ගෙන මෙම දැවැන්ත පුළුල් දේශපාන සංවිධානය බිහි කරනවා.මෙයට අමතරව,මෙම දැවැන්ත සංවිධානයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ අලුත් පක්ෂක් අලුත් සංවිධානයක් අලුත් ලාංජනයක් යටතේ ඉදිරිපත් වි ජනාධිපතිවරණය මහ මැතිවරණය ද ජය ගන්නවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය. සිතාවකපුර සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කිරීමන් මුල්ගල තැබීම,විවෘත කිරීම් සිදු කිරීමෙන් පසුව පැවැති ජන හමුවක දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. අපි රටම සංවර්ධනය කරනවා. සීතාවන පුරවරය ද සංවර්ධනය කරන ගමන්ම,ගම ,නගරය ද සංවර්ධනය කර ජනතාවට යහපත් ජීවිතයක් ගත කරන්න පියවර ගන්නවා කියලා මම කියන්න කැමැතියි. ගම වාගේම නගරයක් සංවර්ධනය කරනවා.කොළඹ වරාය නගරය සංවර්ධනය කර එය ලංකාවේ කොටසක් වශයෙන් ලංකා සිතියමට එක් කරගන්නට අපි කටයුතු කරනවා.මාර්ග සංවර්ධනය,අධිවේගි මාර්ග සංවර්ධනය කර කොළඹ,ගාල්ල හම්බන්තොට සංවර්ධන යෝජනා ක්‍රම රැසක් සිදුකරනවා.මේ අනුව අපි ඩුබායි,සිංගප්පුරුව වාගේ සංවර්ධනයක් ඇති නගර බවට ලංකාව ඉදිරි කාලය තුළ එනම් වසර 05ක් තුළ මේ රටේ ඇති කරනවා. අපි අභියෝග ජය ගෙන තියනවා. ණය අරගෙන ණය ගෙවා ගන්න බැරිව අපට ණය දෙන්න බැරි තත්ත්ව්යට පත්ව සිටියා. නමුත් අපි ආණ්ඩුව ගත් පසු ණය ගෙවා යහපත් පරිසරයක් රටට ඇතිකර ගත්තා.ඉදිරියේ දි රටට ණය බර දරන්නට ඉඩ තියන්නේ නෑ. සියලුම ණය අපි ගෙවා අවසන් කරනවා.අතිරිත්ත ආර්ථිකයක් ඇති රටක් වශයෙකන් ලංකාව පත් කරනවා. රට සංවර්ධනය කරන ගමන්ම තාක්ෂණයෙන් සියලුම අංශ යටතේ සංවර්ධයක් සිදු කරනවා.අපි රටේ සංහිදියාව ඇති කරා ඒ නිසා සිංහල, දෙමල ,මුස්ලිම් ආදි වශයෙන් අපි ශ්‍රි ලංකාව යටතේ එකම සංහිදියාවෙන් කටයුතු සිදු කරනවා.තාක්ෂණයෙන් රට සංවර්ධනය කරනවා.සිතාවක රජ පරගැතියන් පන්නා දමන්නට කටයුතු කලේ දක්ෂතාවය හා තාක්ෂණය ඇතිවයි. අද අලුත් තාක්ෂණක් යටතේ, වට් සැබ් සමාජයක් ඇතිකර ඇති වෙමින් තියනවා.එදා බාබර් සාප්පුවල කොණ්ඩේ කැපුවේ කොටට දිගට විතරයි අද එහෙම ද නෑ.අද බලන්න කොණ්ඩය කපන්නේ දිගට හරිහට හා විවිධ කොණ්ඩා මෝස්තර වලින් කොණ්ඩා කපනවා. මේ ආදි වශයෙන් අලුත් සමාජයක් ඇති වෙමින් පවතිනවා.සමාජය අලුතින් හිතනවා. අලුත් පරපුර කියනවා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රි වරු 225ම පිළිබඳව ජනතාව තරුණ පිරිස් අද එපා කියනවා. ප්‍රතිෂේප කරනවා.ඒ තරුණ පිරිස්ද අද අලුතින් හිතනවා.2015 දි අපි අලුතින් හිතා අලුත් වැඩ සටහනක් ආරම්භ කළා.එය අපි හැදුවේ පක්ෂ ගණනාවක් සියලුම ජාතින් එක්ව පිළිගත හැකි ආකාරයටයි යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය. නිමල් අල්ගෙවත්ත
 

More News..