brand logo

රනිල්ගේ හිතේ තියන දේ ජනවාරියේ එළියට

25 November 2020

රනිල්ගේ සැලසුම් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඊයේ (23) පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණේ මූලික වශයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන සාකච්ඡා කරන්න. මෙතැනදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයකගේ කැමැත්ත වුණේ ජාතික ලැස්තු මන්ත්‍රීරයා ලෙස රනිල්ව පත් කරන්න. නමුත් රනිල් ඒ යෝජනාවට ඊයේ කැමැත්ත පල කළේ නෑ. රනිල්ගේ යෝජනාව වුණේ මේ සඳහා තරුණයකුට අවස්ථාව දිය යුතු බවයි. නමුත් ඒ තරුණයා කවුදැයි අද මේ වනතුරුත් රනිල් කියන්නේ නෑ. තරුණයා කවුදැයි රනිල් නොකිව්වත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ රනිල් මේ කියන්නේ රුවන් විජේවර්ධන ගැන කියලා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න රනිල් ඊයේ අකමැති වුණත් මීට සති දෙකකට කලින් පැවැත් වුණු රැස්වීමකදී නවීන් දිසානායක ප්‍රසිද්ධියේම කියලා තියෙනවා වෙන කවුරු ජාතික ලැයිස්තුවට පත් කළත් ප්‍රශ්නයක් ඇති වෙන එක අනිවාර්යය නිසා රනිල්ම ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා. ඒ වෙලාවේදී අර්ජුන රණතුංග නවීන්ගේ මේ යෝජනාව සම්මත කරලාත් තියෙනවා. එතැනදී රනිල් ඒක ප්‍රතික්ෂේප කරලා නෑ. එහෙනං රනිල් ඊයේ බෑ කිව්වේ ඇයි කියලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ගෙන් මාධ්‍යව්දියෙක් අහලා තියෙනවා. එතකොට ඒ ජ්‍යෙෂ්ඨයා කියලා තියෙනවා ‘‘කවුද දන්නේ මල්ලි ඕවා. ලොක්කාගේ හිතේ තියෙන දේවල් කියවන්න කාටවත් බෑ. ඕකත් ලොක්කාගේ හීන් නූල් ගේමක්. ඔන්න බලන්නකෝ අන්තිමට ලොක්කා පාර්ලිමේන්තුවේ ඉදියි‘‘කියලා. රනිල් ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පස්සේ පිටව ගියාට පස්සේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඉල්ලා අස්වීම භාර දීලා තියෙනවා. ආරංචිමාර්ග කියන විදිහට අකිල මේ ලියුම භාරදීලා තියෙන්නේ ශමාල් සෙනරත්ට. මහලේකම් වුණාට එයා දැන් රූකඩයක් වගේ වෙලා. එයාට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. දැන් හැම දේම කරන්නේ ආශුයි, සාගලයි ඒ නිසා තනතුරින් අස්වෙනවා කියලා අකිල කිව්වා කියාලා ආරංචියි. ලබන ජනවාරිය වෙනකොට තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න බව රනිල් තමන්ට අතිශය හිතවත් අයෙක් එකක් කියලා තියෙනවා. ඒ වෙනකෙට පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධනට පවරන්නත් රනිල්ගේ හිතේ තියෙන වග ආරංචිමාර්ග කියනවා. නමුත් පක්ෂ නායකයා විදිහට රුවන් පිළිගන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන රවි කරුණානායක, වජිර අබේවර්ධන, සාලග රත්නායක, නවීන් දිසානයක කැමැති නැති බවත් ආරංචියි. කවුරු විරුද්ධ වුණත් රනිල් තමන්ට සුපුරුදු සට කපට දේශපාලන ක්‍රමෝපායන් ඔස්සේ රුවන්ට නායක කම පවරයිම කියලාත් පක්ෂයට සම්බන්ධ පිරිසක් කියනවා. එජාප බිම්මට්ටමේ දේශපාලනේ කරන තරුණයින් කියන්නේ රුවන් ආවත් රනිල් ආවා වගේමයි කියලායි. රුවන් කියන්නේ රනිල්ට වුවමනා විදිහට නටන රූකඩයක් මිසක් ශක්තිමත් නායකයෙක් නොවෙයි කියන මතේ තමයි මේ ගමේ නායකයින් ඉන්නේ. කොහොම වුණත් ලබන ජනවාරිය වෙනකොට රනිල් විශ්‍රාම ගත්තොත් රුවන්ට පක්ෂ නායකකමත් වජිරට පක්ෂ නියෝජ්‍ය නායකකමත් සාගලට පක්ෂ මහලේකම්කමත් අනිවාර්යය බව තමයි මේ වෙනකොට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග නම් කියන්නේ. රුවන් එක්ක සිරිකොත අඳුරේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් වූ රුවන් විජයවර්ධන පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීමට අවශ්‍ය යෝජනා මාලාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට භාර දීලා. රුවන් මේ යෝජනා මාලාව හදලා තියෙන්නේ ආශු මාරසිංහ හා සමන් රත්නප්‍රිය එක්ක එකතු වෙලාලු. යෝජනා මාලාවේ මුලින්ම තියෙන්නේ දිවයින පුරාම ගිහින් භික්ෂූන් වහන්සේ හමුවෙන්න ඕන කියලාලු. රනිල් මේ යෝජනා මාලාව අරගෙන හිනාවෙලා පැත්තකින් තියලා තියෙනවා. මේ යෝජනා හදපු එකට අමතරව රුවන් විජයවර්ධන මේ වනතුරුත් දේශපාලන වැඩකට කියලා කරලා තියෙන්නේ මාතර ගිහින් දිස්ත්‍රික් බලමණ්ඩලය අමතපු එක විතරයිලු. රුවන් පදවිය අරගෙනත් දැන් මාස තුනක් විතර ගතවෙලා. මාතර ගිහින් තියෙන්නේත් මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත එයාට ආරාධනා කරලා ගෙන්න ගත්ත නිසා කියලා තමයි දැන් පක්ෂය ඇතුළේ කතා වෙන්නේ. ඒ වගේම පක්ෂයේ කිසිම ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුගේ සහය මේ තාක් දිනාගන්න බැරි වෙලා තියෙන රුවන් එක්ක ඉන්නේත් රුවන්ට උපදෙස් දෙන්නේත් පක්ෂයට අලුතින් ආව, ඡන්දයක් තරග කරලා දිනන්න බැරි, කිසිම ජන පදනමක් නැති වෙච්ච ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය වගේ අය කියලාත් පක්ෂය ඇතුළේ කතාවෙනවාලු. ‘‘ගෙවුණු මහා මැතිවරණයෙදී එකදු ආසනයක්වත් දිනා ගන්න බැරිව දේශපාලන වශයෙන් අන්තෙට පිරිහුණු එජාපය දුර්වල නායකත්වයක් අතට පත් වීමත් සමග මේ වන විට සිරිකොතේ ලයිටුත් කපාලා. සේවකයන්ට පඩි ගෙවලා නෑ. ඒ නිසා සේවකයෝ වැඩට එන්නේ නෑ රනිල් මේ වගේ කෙනෙක්ද නියෝජ්‍ය නායකයා විදිහට පත් කළේ’’ කියලා සිරිකොත ඇතුළේම මේ වෙනකොට කතා වෙනවා කියලා තමයි ආරංචි. කොරෝනා අස්සේ ශ්‍රී ලනිප සාකච්ඡා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ එක්ක සංධානගත වෙලා ඉන්න කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය කියන පක්ෂත් එක්ක රටේ ඉදිරි තත්ත්වය ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග කියනවා. මේ සාකච්ඡා මාලාවේ පළමු එක විදිහට ශ්‍රීලනිපේ හා කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාව දැනටමත් පවත්වලා තියෙනවා. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති මහාචාර්යය රෝහණ ලක්ෂ්මන් පියදාස කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර අතර තමයි මේ සාකච්ඡාව පැවැත්විලා තියෙන්නේ. රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය අනුව නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අනෙකුත් පක්ෂත් එකක් ශ්‍රී ලනිපය මෙම සාකච්ඡා මාලාව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග කියනවා. විමල් සන්ධානයක් හදයි ශ්‍රීලනිපය සන්ධානයේ පාර්ශ්වකාරයොත් එක්ක මේ විදිහට සාකච්ඡා කරනකොට අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ සන්ධානයේ පක්ෂ කීපයක් එක්ක සන්ධාන ගතවෙන්න යනවා. මේ විදිහට එක සන්ධානයක් වෙන්න යන්නේ විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ, වාසුදේව නානායක්කාරගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා ඩිව් ගුණසේකරගේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියලා තමයි ආරංචි. මේ සන්ධාන ගතවීම ගැන ඉදිරියේදී සාකච්ඡා ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස ප්‍රකාශයක් කළ බවත් ආරංචියි. දයාසිරි සටනට සැරසෙයි ජනාධිපතිවරණේ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොදුජන පෙරමුණත් එක්ක සන්ධාන ගත වුණේ ශ්‍රීලනිපයට දෙනවා කිව්ව බොහෝ වරදාන ගැන බලාපොරොත්තු තියාගෙන. නමුත් මේ වෙනකං ඒ කිසි දෙයක් කියපු විදිහට ලැබුණෙ නෑ කියලා ශ්‍රී ලනිපේ පැත්තෙන් තාමත් මැසිවිලි නැගෙනවා. වෙන එකක් තියා සන්ධාන ගත වූ දින සිට මේ දක්වාම ශ්‍රීලනිපයට පොදුජන පෙරමුණ එකම සාකච්ඡාවක් දීලා නෑ කියලාත් දැන් දැන් තවත් මැසිවිල්ලක් නැගෙනවා. ජනාධිපතිවරයාගෙන් වගේම අගමැතිවරයාගෙන් කීප විටක්ම තමන් සාකච්ඡාවක් ඉල්ලූ බව ශ්‍රීලනිපේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියනවා. කොහෙම වුණත් බැසිල් රාජපක්ෂ හා හා පුරා කියලා සාකච්ඡාවක් දුන්නාලු. ගිය සතියේ ඒක තියෙන්න තිබුණත් කොවිඩ් නිසා ඒ සාකච්ඡාවත් වෙලා නෑ, සමහර විට මේ ප්‍රශ්නේ අදින්න ගියාම තමන්ගේ ඇමැති පට්ටමත් නැති වෙන්න පුළුවන් කියලා දයාසිරි ජයසේකර ඇමැතිතුමා හිතවතෙක් එක්ක කිව්වා කියලාත් ආරංචියි. ඇමැති කියනදේ නිලධාරී අහන්නේ නෑ කොවිඩ් 19 වසංගතය දෙවැනි රැල්ලක් වෙලා එනකොට ම මාළු ගන්න කියලා ධීවර සංස්ථාවට භාණ්ඩාගාරෙන් රුපියල් මිලියන 100ක් දීලා. ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මේ මුදල සංස්ථාවට ඉල්ලා දීලා තියෙන්නේ කෙළින්ම ධීවරයන්ගෙන් මාළු මිලදී ගන්න. හැබැයි සංස්ථාව මාළු අරන් තියෙන්නේ අතර මැදියන්ගෙන් කියලා දැන් ලොකු කලබැගෑනියක් වෙලාලු. ඒ අස්සේ ගත්ත මාළු ටොන් 80න් 10ක් අස්ථාන ගත වෙලාලු. මේ ගැන හොයලා බලන්න රාජ්‍ය ඇමැතිතුමා හදිස්සියෙන්ම ගිහින් තියෙනවා. ඒ ගියාම ඇමැතිතුමා තවත් කතාවක් දැනගෙන. මේ මාළු ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ දකුණු පළාතේ විතරක්ලු. මීගමුව, හලාවත, බෙන්තර වගේ පැතිවල ක්‍රියාත්මක වෙන්නේ නෑලු. ඇයි රාජ්‍ය ඇමැති දකුණේනේ. ඇමැතිතුමා අයිත් මිලියන 200ක් අරගෙන දීලා තියෙනවා මාළු ගන්න. නමුත් ඒ පාරත් මාළු අරන් තියෙන්නේ අතරමැදියන්ගෙන්. රාජ්‍ය ඇමැතිගේ උපදෙස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා දැන් අලුත් කලබැගෑනියක් ඇති වෙලා කියලා ආරංචි මාර්ග කියනවා. මහින්දගේන් ෆවුසිට ආරාධනාවක් අගමැති මහින්ද රාපපක්ෂ පහුගිය සතියේ නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා. සංචාර අතරමගදී බැසිල් රාජපක්ෂගෙන් දුරකථන ඇමැතුමක් ලැබිලා. ඇමතුමෙන් කියවුණේ කලක් ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් ව සිටි ඒ. එච්. එම්. ෆවුසිගේ බිරිය රෝගාතුර වෙලා කියන ආරංචිය. බැසිල් දුරකථනය විසන්ධි කළ සැණින් අගමැති මහින්ද ෆවුසිට කතා කරලා. ‘‘ෆවුසි ඔයා සමගි ජනබලවේගේ හිටියට අපේ කිසිම අමනාපයක් නෑ. මමත් මෙච්චර කල් බලං හිටියා. අපි හොඳ යාළුවෝ නේද? දැන් වත් ඉතිං අපිත් එක්ක එකතු වෙන්න’’ කියලා ෆවුසිට ආරාධනාවක් කළා කියලා ආරංචියි. සමන් සමරක්කොඩි
 

More News..