brand logo

රනිල්ගේ වාර්තාව සජිත්ට බිඳදැමීමට හැකි වේවා - ගම්මන්පිල

08 December 2019

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ඒමෙන්ම ඔහු සඳහන් කලේ “රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක ධූරයට පත් කිරීමට එජාපය තීරණය කර තිබෙනවා. එතුමා දිගු කළක් සටන් කරලා තමයි විපක්ෂ නායක ධූරය දිනා ගත්තේ. ඒ නිසා එතුමාට චිරාත් කාලයක් විපක්ෂ නායක ධූරය දැරීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලොව දිගුම කළක් විපක්ෂ නායක ධූරය දැරූ පුද්ගලයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන රනිල් මැතිතුමාගේ වාර්තාව බිඳ දැමීමට එතුමාට හැකි වේවායි හදවතින්ම සුබ පතනවා. මේ කුහක කමින් කරන ප්‍රාර්ථනාවක් නොවේ. ඉතාම සද්භාවයෙන් කරන ප්‍රාර්ථනාවක් යනුවෙනි.
 

More News..